Featured News

Video Gossip

Advertisement

ත්‍රිකුණාමලය පොලිස් ප්‍රවාහන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු පවුලේ අය ඔහුගේ නිල නිවස තුළ දින 14ක ස්වයං නිරෝධායනයට යොමු කිරීමට ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගනු ලැබ තිබෙනවා.

එම ස්ථානාධිපතිවරයාගේ බිරිඳ ඇතුලු පවුලේ ඥාතින් කොළඹ සිට නොදන්වා ත්‍රිකුණාමලයේ තම නිල නිවසට රැගෙන විත් ඇති අතර ඒ සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු මෙම පියවර ගනු ලැබුවා.
කොළඹ කොරෝනා අධි අවදානම් ප්‍රදේශයක් ලෙස නම් කර නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය පනවා ඇති අවස්ථාවේ මෙම පවුලේ අය රැගෙන විත් ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව පොලිස් ප්‍රවාහන ඒකක පරිශ්‍රය තුළ පිහිටි ස්ථානාධිපතිවරයාගේ නිල නිවස තුළම ස්වයං නිරෝධායනයට මෙසේ ලක්කර තිබෙනවා.

නිරෝධායන කටයුතුවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිස් ප්‍රවාහන ඒකකයේ ස්ථානාධිපතිවරයා එරෙහිව විමර්ශණයක්ද ආරම්භ කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements