Advertisement

මෙම කොවිඩ් – 19 වසංගත රෝග සමයේ විදේශගතව සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ, පළමු සිසුන් කණ්ඩායම ලෙස සිසුන් 215 ක් පාකිස්තානයේ සහ ඉන්දියාවේ සිට ඉදිරි සතියේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර පවසනවා.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද ෂෙහාන් සුමනසේකර පැවසුවා.

ඒ අනුව මුලින්ම සාර්ක් රටවල ඉගෙනුම ලැබීමට ගොස් සිටින සිසුන්ට පළමු අදියරේ අවස්ථාව ලබා දෙන බවයි පැහැදිළි කෙරුණේ.


මුලින්ම මෙම සිසුන් මව්බිමට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ 21 වැනිදා සිසුන් 115 ක් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බවද , ඒ සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය මත, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් යොදා ගන්නා බවද ගුවන් තොටුපළ සමාගමේ අධ්‍යක්ෂවරයා අනාවරණය කළා.

ඉන්පසුව ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට එරටට ගොස් සිටින සිසුන් 105 ක් , ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට ද කටයුතු සූදානම් කරමින් පවතින බවයි පැවසුවේ.

මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලබන සියලුම සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත අනිවාර්යයෙන්ම නීරෝධායන කටයුතු සදහා යොමු කරන බවද සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර පැවසුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements