Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

වහාම වෙදකම නවතා දමා කාමරයක දින 14ක් නිරෝධායනය වෙන්න කියලා
නොමිලයේ වෙදකම් කරන අහිංසක අයෙක්

රිකිල්ලගස්කඩ මහජන සෞඛ්‍ය කාර්යාලයට අයත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙස ව්‍යාජ රංගනයක යෙදුණු තරුණයෙක් දේශීය වෛද්‍යවරයකුට ලබාදුන් දුරකථන නියෝගයක් නිසාවෙන් දින 14ක් නිකරුණේ නිරෝධායනය වූ පුවතක් ඇකිරිය ග්‍රාමයෙන් වාර්තා වෙයි.

ප්‍රදේශයේ කොරෝනා රෝගීන් වාර්තා වී ඇති හෙයින් කරනු ලබන වෙදකම වහාම නවතා දැමිය යුතු බවත් කාමරයක දින 14ක් ඔබ අනිවාර්යයෙන්ම හුදකලාව සිටිය යුතු බවත් හදිසි පරීක්ෂණයන්ට කුමන හෝ මොහොතක තමා පැමිණෙන හෙයින් එවන් අවස්ථාවක් අසුවුවහොත් උසාවිගත කරන බවත් කිසිම සමාවක් නැති බවටත් ප්‍රදේශයේ පී.එච්.අයි. ගේ බව පැවැසූ නියෝගය විය. අසල්වාසී ගමක් වූ දිග්ගල්පොත්තෙන් හමුදා නිලධාරියෙක් කොරෝනා රෝගයෙන් පෙළෙන බවට ලැබූ ආරංචිය සැබෑ නිසා රට ගැන සිතා මෙම නියෝගය පිළිපැදීමට සිත්වී තිබේ.
මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ කැඩුම් බිඳුම් වෙදකම පිළිබඳව පාරම්පරික පළපුරුදු 502 ඇකිරිය ග්‍රාම නිලධාරි වසමේ පදිංචි ආර්. ජී. නිමල් වෙද මහතාය. මෙම සිදුවීම නිසාවෙන් මානසිකවත් ශාරීරිකවත් බලවත් පීඩාවකට පත්ව ආහාර ද්‍රව්‍ය ලබාගැනීමටවත් පිටත නොගොස් නිවෙස ඉදිරිපිට දැන්වීම් පුවරුවකින් වෙදකමද නවතා ඇති බව දැනගැනීමට සලස්වා තිබූ බවක්ද පවසා සිටියේ එමඟින් පීඩා විඳින ලද්දේ අහිංසක දුප්පත් රෝගීන් බව පවසමිනි.

මේ අතර මහනුවර ආයුර්වේද දෙපාර්තමේන්තුවට කොරෝනා රෝගයට ප්‍රතිකාරයක් සැකසීමට තමා විසින් පාවට්ටා, ලීම, යකිනාරන් වැනි ශාකයන් සිය බිරිය සමඟින් ඇවිද ගොස් නොමිලයේ සපයා දෙමින් සිටි අවස්ථාවක මෙම නියෝගය පිළිපැදීම නිසා ශාක සැපයීම අතහැර දැමීමට සිදුවූ බවද පවසා සිටියේ ඉමහත් කනගාටුවෙන් යුතුවය. ප්‍රදේශවාසීන් පවසා සිටින්නේ නිමල් වෙද මහතා සිය වෙදකම මුදල් පසුපස හඹා නොගොස් සිය දිවංගත මවුපියන්ට පින් පිණිස නොමිලයේ වෙදකම් කරන අහිංසක අයෙක් බවය.

කාලය හමාරවීමත් සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගමට පැමිණ ඇති බවට සැලව හමුවී මේ බව ප්‍රකාශකරත්ම තමා එවන් නියෝගයක් දුරකථනයෙන් ලබා නොදුන් බවත් ලබාදී ඇති දුරකථන අංකය තමාගේ නොවන බවත් දැනගන්නට ලැබිණි. මෙම සිදුවීමෙන් කම්පාවට පත් වෙද මහතා මෙය තමාගෙන්ම ප්‍රතිකාර ලැබ සුවය ලබාගත් ගමේ තරුණයකුගේ ක්‍රියාවක් බවට දැනගන්නට ලැබීමෙන් පසු නොමිලයේ වෙදකම් කර ඇති තමන්ට කෘතවේදීත්වය පළ කරන මෙවන් පුද්ගලයන් පිළිබඳව හඟුරන්කෙත පොලිසියට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන්නේ එම අංකයට දැන් ඇමැතුමක්වත් ලබාගත නොහැකි හෙයින්ය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook