Advertisement

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වන පුද්ගලයන්ගේ මළසිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කරන කර තිබෙන ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමිනි හිටපු ඇමති රිෂාඞ් බදුර්දීන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.

ඔහු නායකත්වය දරන පක්ෂයේ තවත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හත් දෙනකු ද එක්ව මෙම පෙත්සම ගොනු කර ඇත.
එහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීතිපතිවරයා නම් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුව කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු ආදාහනය හෝ භූමදානය කිරීමට හැකි බවත් එසේ තිබිය දී ශ්‍රී ලංකාවේදී ආදාහනය කිරීමට තීරණය කිරීමත් ඉස්ලාම් ආගමිකයන්ගේ විශ්වාසනට බාදා ඇතිවන බවත් පෙත්සමෙන් කියාසිටී.

එනිසා එම ගැසට් නිවේදනය අත්හිටුවන්නැයිද අධිකරණයෙන් ඉල්ලා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements