Advertisement

නඩු විභාගයකින් තොරව කොටි 14,500 කට රජය සමාව දුන් අවස්ථාවක සුනිල් රත්නායක නමැති හමුදා නිලධාරියාට සමාව දීම අසාධාරණ ක‍්‍රියාවක් නොවන බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුදා නිලධාරීන්ට උසස්වීම් දීම පිළිබඳව හින්දු පත‍්‍රයේ පළවූ වාර්තාවකට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශ කර ඇත.

හමුදාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණ පැවැත්වීමට ඉඩ නොදෙන බව ද හෙතෙම කීවේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව තමා සුනිල් රත්නායකට සමාව දුන් බව වැඩිදුරටත් පවසන රාජපක්‍ෂ මහතා හමුදාපතිට යුද අපරාධ චෝදනා එල්ල කිරීම අසාධාරණ බව ද කියා සිටී.


හින්දු වාර්තාවේ කොටි සංවිධානය ගරිල්ලා කණ්ඩායමක් යැයි දක්වා තිබුණත් එම සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා දක්වා ඇත.

වන්නි මෙහෙයුමින් 40,000 ක් මියෙගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක දක්වා ඇතත් එය අනුමාන කිරීමක් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් සඳහන් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements