Advertisement

දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී ඊයේ (01) සිට ඇරඹේ. එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලු දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

උඩුගම්පළ කාර්යාලයේ දී ඊයේ (01) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.

රටේ වර්තමාන තත්ත්වය පිළිබද ව දැනුවත් කිරීම සදහා මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා පත් කළ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව ද ඇමතිවරයා මෙහි දී කීවේය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ලෝකයේ බොහෝ ගුවන් තොටුපළ මේ වන විට නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබේ. ඉදිරි මාස වල දී මෙලෙස ලෝකයේ විවිධ ගුවන් තොටුපළ විවෘත කෙරුණාට විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමේ වැඩපිළිවෙල නිසා කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ අගෝස්තු මුල දී ය. අගෝස්තු මුල දී සංචාරකයන් සදහා කටුනායක ගුවන් තොටුපළ විවෘත කෙරුණ ද පැමිණෙන සියලු සංචාරකයන් ගුවන් තොටුපළේ දී අනිවාර්යෙන් ම පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරේ. රට තුළට කොවිඩ් 19 රෝගියෙකු ඇතුළු වීම වැළැක්වීම මෙහි අරමුණ බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කියා සිටියේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වීමේ වැඩසටහන අතරමග නතර නොකරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විදේශ රටවල කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව බව ද කීවේ ය. මේ වන විට රටවල් 21 ක විදෙස්ගත ශ්‍රමිකයන් 10,000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙනවිත් නිරෝධායනය සදහා යොමු කර ඇත. තවත් 20, 000 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිති. ඔවුන්ව ද දිවයිනට ගෙන්වා ගැනීම විධිමත් ක්‍රමවේදයකට අනුව සිදු කෙරෙන බව ද ඇමතිවරයා මෙහි දී කියා සිටිය.

– ප්‍රදීප් අනුර කුමාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements