කටාර්හි ලාංකිකයන් ගෙන්වීමේ ගුවන් ගමන් අවලංගු කෙරේ
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Qatar
,
Sri lanka
,
web gossip
අද (26) දිනයේ කටාර් සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ශ‍්‍රී ලන්කන් ගුවන් යානය අවලංගු කර තිබේ.
කටාර්හි රැඳී සිටින මෙරටට ඒමට බලාපොරෝතුවෙන් සිටින ලාංකිකයන් 273 දෙනෙකු රැගෙන ඒම සදහා ශ‍්‍රී ලන්කන් ගුවන් යානාවක් සූදානම් කර තිබිනි.
නමුත් සෞඛ්‍ය විශේෂඥයන් විසින් රජයට පෙන්වා දී ඇත්තේ වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා පොකුර තවදුරටත් අවසන් නොවූ තත්ත්වයක් දී විදේශගත ශ්‍රමිකයන් ෙගන්වීම මගින් යම් කිසි ගැටළුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.
එමෙන්ම මේ වන විට රට තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානද පිරී යමින් පවතින බැවින් ඒවා ඉඩ පහසුකම් ලැබෙන පරිදි විදේශ පුද්ගලයන් ගෙන්වාගැනීම කළ යුතු බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
යම් හෙයකින් රට තුළ නැවතත් කොරොනා පොකුරක් ආරම්භ වුවහොත් ඔවුන් සදහාද නිරෝධායන ඉඩ පහසුකම් සෑම අවස්ථාවකදීම සූදානමින් තබා ගත යුතු බවත් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබේ.

