Advertisement

මාලිගාවත්ත ප්‍රදේශයේ පුද්ගලයන් තුන් දෙනෙකු තම මරණයට පත්වීමේ සිදු වීමෙන් පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව අද පත්ව සිටින ආර්ථික අහේනියේ තත්වය යයි එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අද වන විට ජනතාවට ජීවත්වීම අමාරු වී ඇති බවත්, මුදල් රැකියා සහ ආදායම් මාර්ග අහිමි වී ඇති බවත් ඔහු සඳහන් කරයි.


ආණ්ඩුවට ද රුපියල් පන්දාහේ දීමනාව ගෙවාගන්න බැරි තත්ත්වයක් උදා වී ඇති බවත් රජයේ සේවකයන්ට ද දීමනා ලබා දී නැති බවත් පැවසූ ඔහු මේ සියල්ලෙන් ම පෙනී යන්නේ රටේ පවතින ආර්ථිකයේ බැරෑරුම් තත්ත්වය බවද සඳහන් කළේය.

2018 වර්ෂයේ දී ලෝකයේ ප්‍රධානම ආර්ථික දර්ශකයන්හි ස්ථාවර තත්වයක ලංකාව සිටි බවද අද ඒවා අස්ථාවර වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

හිටපු අගමැතිවරයා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදා හරිමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements