Advertisement

ලොව වෙනත් බොහෝ රටවලට සමඟ සසදද්දී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පාලනය කර ඇති බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ලැබිය යුතු ගෞරවය සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ්‍ය, රාජ්‍ය අංශ සහ දේශපාලන නායකත්වයට ලබාදෙන බව විපක්ෂයේ දේශපාලඥයෙකු ලෙස වුවත් තමන් පවසන ඔහු සදහන් කළේය.

කෙසේ නමුත් කොරෝනා අවදානම තවමත් පහව ගොස් ඇතැයි තමන් නොසිතන බවත් විශේෂඥ වෛද්‍යවරුන් සහ බෝවන රෝග සම්බන්ධ විශේෂඥයන් විසින් සිදුකරන විද්‍යානුකූල තක්සේරුවකින් පසු පමණක් වෛරසය අවදානම සම්බන්ධයෙන් තීන්දු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

ගෙවුණු දවස් 40ක පමණ කාලයේ දී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් රජය කල්පනා නොකළ බවද පැවසූ ඔහු ඔවුන්ගේ ජීවන තත්වය එම කාලයේ දී බිඳ වැටී ඇති බවද සඳහන් කළේය.

එනිසා ජනතාවට තුන් වේලෙන් දෙවේලක් හෝ කෑමට පුළුවන් විදියට වැඩ පිළිවෙළක්
සකස් කිරීමට රජය කටයුතු කල යුතු බවද ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements