Advertisement

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග සැලුන්, ත්‍රිරෝද රථ, සුපිරි වෙළෙඳසල්, සහ පොදු වෙළෙඳසල් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වියහැකි ස්ථාන බවට පත්විය හැකි බැවින් ඒ පිළිබඳ වඩාත් කල්පනාකාරී වන්නැයි වෛද්‍ය පර්‌යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසනවා.
විශේෂයෙන්ම සැලුන්වලදී කොණ්ඩය හා රැවුල කැපීම සඳහා එකම පොරෝනය භාවිත කිරීම අවදානම් ක්‍රියාවක් බැවින් එසේ නොකරන ලෙසත් ත්‍රිරෝද රථවලට දෙදෙනකුට වඩා ඇතුළු කර නොගන්නා ලෙසත් අධ්‍යක්ෂවරයා සේවා සපයන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.

වෛරසය රට තුළ ව්‍යාප්තව ඇත්තේ එක්තරා සීමාවකට පමණක් බැවින් සෞඛ්‍ය උපදෙස් නොතකා ක්‍රියාකරන පුද්ගලයන් හේතුවෙන් වෛරසය දිවයින පුරා පැතිර යාමේ අවදානමක් ඇතිවිය හැකි යැයි ද හෙතෙම අනතුරු අඟවනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements