සදුදා රටටම ඇදිරිය ලිහිල් කරන හැටි මෙන්න
curfew
,
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Sri lanka
,
web gossip
හුදෙකලා ප‍්‍රදේශ සහ අවදානම් ප්‍රදේශ වලට ඇතුළු වීම සහ පිටවීම තහනම්
ආයතන විවෘත කල පසු සේවයට කැඳවිය හැක්කේ මුළු සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක්
බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය තුළ රජයේ හා පුද්ගලික ආයතන විවෘත කරන ආකාරය පිළිබඳව රජයේ විශේෂ සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතය.
එම සාකච්ඡාව සදහා ආරක්ෂක සෞඛ්‍ය අංශ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් එය හෙට හෝ අනිද්දා ප්‍රසිද්ධියට පත් කරනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
11 වැනි දා අදාල දිස්ත්‍රික්ක විවෘත කෙරුණු ද ඒවායේ ඇති හුදෙකලා ප‍්‍රදේශ සහ අවදානම් ප්‍රදේශ වලට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර ඇත.
බස්නාහිර පලාතේ හා පුත්තලම දිස්ත‍්‍රික්කයේ ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනු ඇතත්් රජයේ හා පුද්ගලික ආයාතන වල කටයුතු පවත්වාගෙව යා යුතුය.
11 වන දා රාජ්‍ය හා පුද්ගලික ආයතන විවෘත කල පසු සේවයට කැඳවිය හැක්කේ මුළු සේවක සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණි.
ඒ අනුව කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳෙන් නීතිය දිගටම ක්‍රියාත්මක වන අතර සෙසු දිස්ත්‍රික්ක නීතිය සදුදා අලුයම පහට ඉවත් කරයි.

