Advertisement

කොරෝනා රෝගය නිසා දැඩි පීඩාවට පත්ව සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට ලබාදීමට වෛද්‍ය ඒලියන්ත වයිට් විසින් විශේෂ ඖෂධීය පානයක් සකස්කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වෛද්‍ය වයිට් විසින් දැනට මෙම ඖෂධීය පානය පූර්ව අත්හදා බැලීම් ගණනාවකට යොමුකොට සාර්ථක ප්‍රතිඵල ලබා ඇතැයි පැවසේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් වෛද්‍ය වයිට් විසින් සකස් කළ ඖෂධීය පානය ඉදිරි සතියේ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වෙත ලබාදීමට නියමිතය.

එහි නේවාසික සෙබළුන්ගෙන් 500ක් පමණ මේ වනවිට කොරෝනා රෝගයට ගොදුරු වී සිටින බව වාර්තා විය.

ඒ අයගෙන් 151 දෙනෙක් ගිය සිකුරාදා වනවිට සුවය ලබා සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements