Advertisement

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයේ සිරවී සිටි පිරිසක් අද මෙරටට ගෙන්වා ගැනීමේදී ඒ පිරිස අතර සිටි ඇමතිවරයකුගේ පුත්‍රයකු කටුනායක ගුවන්තොටුපල දී යකා නටා ඇති බව කොටුවේ පොඩි හාමුදුරුවෝ සඳහන් කරති.

කවරෙක් වුවද රටේ මේ මොහොතේ පවතින නීතියට අනුගත විය යුතු බවත් එසේ නොවන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගත වුවත් උන්වහන්සේ කියා සිටිති.

මෙරට නීති රීති අනුව කටයුතු කිරීමට නොහැකි පිරිස් නැවත පැමිණි රටවල්වලටම පිටත් කර හැරිය යුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

මේ අතර අද මෙරටට එංගලන්තයේ සිට ගෙන්වා ගන්නා ලද පරිස අතර සිටි ඇතැමුන් ගුවන්තොටුපොළේ දී කලහාකාරී ලෙස හැසිරී ඇත.

ඒ ඔවුන් වෙනුවෙන් සූදානම් කර තිබූ නිරෝධායන මධ්‍යස්ථානවල සැප පහසුකම් ප්‍රමාණවත් නොමැති බව පවසමිනි.

අද ගෙන්වන ලද පිරිසේ කැමැත්ත මත ඇතැමුන් මුදල් ගෙවා සංචාරක හෝටල් කිහිපයකට සහ සෙසු පිරිස් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements