Advertisement

නාවලපිටිය පොලිස් වසමට අයත් ගොන්දෙන්නා සහ දෙකිද අලුත්ගම ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛසරය අසාධනය විමත් සමග එම ගම්මාන දෙකම දින 14 කට හුදකලා කිරිමට නාවලපිටිය පොලිසිය සහ නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර තිබුණි.
නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේ පදිංචි කොවිඩ් 19 වෛසරය අසාධනය වු නාවික හමුදා සෙබලෙකුගේ බිරිද දරුවන් දෙදෙනා සහ පවුලේ සමාජිකයන් මිහින්තලේ නිරෝධාන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබියදි සිදු කල පි.සි.ආර් පරික්ෂණයේදි එම නාවික හමුදා සෙබලාගේ බිරිද සහ දරුවන් දෙදෙනාට කොවිඩ් 19 වෛසරය අසාධයනය වි ඇති බවට තහවුරු වි ඇති බව නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක ලලිත් කෙලමුන්න මහතා පැවසිය.

එම ගම්මාන දෙකේ පවුල් 26 කට අයත් සමාජිකයන් 108 දෙනෙකුට එම ගම්මාන වෙතම ගොස් නාවලපිටිය පොලිසිය , ප්‍රදේශයේ ව්‍යාපාර අනුග්‍රහයෙකුගේ මුල්‍යය පරිත්‍යාගයෙන් එලවළු පාර්සල් බෙදා දිමේ වැඩසටහනක් (03) දින සිදු කලහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements