Advertisement

මුළු ලෝකයෙන්ම ශ්‍රී ලංකාවේ සහ ඊශ්‍රායල මෝසාඩ් ඔත්තු සේවය විතරයි
අපි කරේ අපිට අවේනික ක්‍රමයක්...

මෙරට තුළ කොරෝනා පොකුරු සියල්ල හඳුනාගෙන සිටින බව රාජ්‍ය බුද්ධි අංශයේ සහකාර අධ්‍යක්ෂ පරාක්‍රම සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයන් සහ ඔවුන්ගේ සියලු ආශ්‍රිතයන් සම්බන්ධ සියලු තොරතුරු බුද්ධි අංශය සතුව පවතින බවද ඔහු පැවසීය.
කොරෝනා වෛරසය මේ වන විට සම්පූර්ණයෙන් තම ග‍්‍රහණයට පාලනයට නතු කරගෙන ඇති බවත් පැවසූ ඔහු ඉදිරියේ දී රට යම් පමණක විවෘත කිරීමෙන් පසුවද මතුවන පොකුරු සඳහා ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට රටපුරා බුද්ධි අංශ සූදානම්ව ඇති බවත් කියා සිටියේය.

යම් හෙයකින් මෙරට ක්‍රියාත්මක වූ නිරෝධාන ක්‍රියාවලිය ක්‍රියාත්මක නොවූයේ නම් කොරෝනා ව්‍යාප්තිය රට පුරා සිදුවනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

කොරෝනා පාලනය කිරීම සදහා මෙවන් ක‍්‍රියාවලියත් සිදුවූයේ මුළු ලෝකයෙන්ම ශ්‍රී ලංකාවේ සහ ඊශ්‍රායල මෝසාඩ් ඔත්තු සේවය විසින් පමණක් යයිද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවද මෙරටටම ආවේණික ආකාරයෙන් මෙහෙයුමක් මේ සඳහා සිදුකළ බවත් ඔහු කියා සිටියේය

වැලිසර නාවික හමුදාවේ වැඩිපුර ආසාදිතයන් වාර්තා වීමට හේතුව ඔවුනට කඳවුරු තුළ සමීපව කටයුතු කිරීමට සිදුව ඇති නිසා බවද පැවසූ ඔහු මේ වන විට එම සිදුවීම ද සම්පූර්ණ තම පාලනයට නතු කරගෙන ඇතැයි සඳහන් කළේය.

කොරෝනා පාලනයේ බුද්ධි අංශයේ මෙහෙයුම් ගැන අද රූපවාහිනි සංවාදයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements