Advertisement

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත ආරම්භ කිරීමට දින නියම කිරීමෙන් පසු ඒවායේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරමින් සිටී.

පාසැල් නැවත ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡාව දැනටමත් පළාත් මට්ටමින් සිදුකරමින් ඇත.

දකුණ, උතුරු මැද, වයඹ ලළාත් අධ්‍යාපන බලධාරීන් සමග දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්චා අරඹා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා පැවසීය.
එමෙන්ම මධ්‍යම, ඌව පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරන බව ඔහු සඳහන් කළේය.

පාසල් ඇරඹීමට පෙර ඒවායේ විෂබීජහරණ කටයුතු හමුදා සහ සෞඛ්‍ය අංශ සහායෙන් සිදුකිරීමට සැලසුම් කර ඇත.

පළමු වටයේදී ආරම්භ පාසැල් කරන්නේ 13 වන ශ්‍රේණි සිසුන් සඳහා බව ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ මහතා පැවසීය.


පාසල් 11දා විවෘත නොකරයි

නමුත් රට පුරා සියලු පාසැල් වල දෙවැනි වාරය එළඹෙන 11 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද රට තුල පවතින තත්වය මත එදිනට පාසල් විවෘත කරන්නට නොහැකි බව බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ අන්තර්ජාලය ඔස්සේ පාසැල් දරුවන් විසින් විමසන ලස ප‍්‍රශ්න වෙත පිලිතුරු දෙමිනි.

ඇඳිරිනීතිය දිගින් දිගටම පැවතීම හේතුවෙන් නිවාස වලට වී සිටින දරුවන්ගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් පවත්වාගෙන යන වැඩසටහනකදී පාසැල් දරුවන්ට ප‍්‍රශ්ණ යොමු කිරීමට තෝරාගෙන ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතායි.

එම වැඩසටහන අනුව යොමු කරන ලද පැනයකට පිලිතුරු දෙමින් අගමැතිරයා මේ බව සදහන් කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements