Advertisement

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මූල්‍යාධාර ලබා දීලා‍
වැදගත් ලිපි ලේඛන රැසක් සොයා ගැනෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. මුන්දලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථානයක් ද එම දෙපාර්තමේන්තු නිලධාරීන් සොයා ගත්තා.
පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් හෂීම් ලවා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයින් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම හා අවිපුහුණුව ලබාදීමේ සිද්ධියකට රාජ්‍ය නොවන සංවිධානයක භාරකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා. ඔහු කල්පිටිය 4 වන හරස් වීදියේ පදිංචිකරුවෙක්. මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි එම රාජ්‍ය නොවන සංවිධානයේ ගොඩනැගිලි පරිශ්‍රය වෙත සැකකරු ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබුවා.

එම ස්ථානය පරීක්‍ෂා කිරීමේදී වැදගත් ලිපි ලේඛන රැසක් සොයා ගැනුණා. මෙම ගොඩනැගිලි ඉදිකිරීමට පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු මූල්‍යාධාර ලබා දී ඇති බවට ද තොරතුරු හෙළිව තිබෙනවා. අදාළ ස්ථානයට පොලිස් ආරක්‍ෂාව යෙදවීමට පියවර ගැනුණු අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements