Advertisement

සොයිසාපුර ලක්මැදුර හෝටලයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාන්තාව සතුව තිබී හොරොයි ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 450ක් සහ ජංගම දුරකතනයද විශේෂකාර්ය බළකා නිලධාරීන්ගේ බාරයට ගෙන ඇත.
එම වෙඩිතැබීම මෙහෙයවා ඇති බවට මේ වනවිට හඳුනාගෙන ඇති දැනට විදේශගත වී සිටින පාතාල සාමාජිකයකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මේ යන අය සමඟ මෙම කාන්තාව දුරකතනය හරහා සම්බන්ධතා පැවැත්වූ බවට තොරතුරු අනාවරණය වී තිබේ.

හොරායින් ජාවාරමේ නියැලෙන කාන්තාවක් සම්බන්ධයෙන් ලැබුණු විශේෂ තොරතුරක් මත රත්මලාන ධර්මාරාම පාරේ නිවසක් පරීක්ෂා කිරීමේදී හොරොයින් සමඟ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාව පාතාල සාමාජිකයකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා හෙවත් ධර්මේ යන අය සමඟ දුරකතන හරහා සම්බන්ධ වෙමින් හෙරොයින් ජාවාරමක් සිදු කරගෙන ගොස් ඇතැයිද පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකාරිය ගල්කිස්ස පොලීසියට බාරදී ඇති අතර අද (05) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements