ලොවම ගිලගත් කොරෝනාවෙන් ජනපති ලංකාව බේරගත්තා - මිහින්තලා විහාරාධිපති හිමි කියයි
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
Mihintale
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Politics
,
Sri lanka
,
web gossip
පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව දෙවන දින විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් (05) සිදු විය.
සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස් ආයතනය) සහ ලංකා විදුලි බල මණ්ඩලයේ සම අනුග්‍රාහකත්වයෙන් 58 වැනි වරට පිංකම සංවිධාන කෙරිණි.
ත්‍රෛනිකායික මහානායක සහ අනුනායක ස්වාමීන් වහන්සේ පෙරහරින් වැඩම කරවීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
අදට යෙදී තිබුණු “ජගත් පරිසර දිනය” නිමිත්තෙන් ජනාධිපතිතුමා මිහින්තලා රාජමහා විහාර මැද මළුවේ සල් පැලයක් රෝපණය කළේය.
ලොවම ගිලගත් වසංගතයකින් මව්බිම බේරා ගැනීමට හැකිවූවා සේම ශ්‍රී ලාංකේය නිෂ්පාදන රැසක් ඉතා කෙටි කාලයකදී රටට දායාද කිරීමට ජනාධිපතිතුමාගේ නායකත්වයට හැකි වූ බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළහාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ පිළිගැනීමේ අනුශාසනාව කරමින් සඳහන් කළහ.
මල්වතු විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි විශේෂ අනුශාසනාවක් කරමින් ධීර,වීර, සූර, සාර ගුණ සමුදායකින් යුත් පාලකයෙකුට සියලු අභියෝග ජය ගනිමින් ජනතාවට සුවිශාල සේවාවක් ඉටු කළ හැකි බව පැවසූහ.
රාජ්‍ය නායකයා ආගමට, දහමට අවනතව ධර්මානුකූලව කටයුතු කරන හෙයින් අතීතයේ තිබූ සශ්‍රිකත්වය වර්තමානයේ ද ළගා කරගත හැකි බව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක ඇත්කඳ රාජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියෝ කියා සිටියහ.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සභාපති, අමරපුර චූලගන්ධි පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ගංතුනේ අස්සජි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය මාතලේ ධම්මකුසල නා හිමිවරු ද විශේෂ අනුශාසනා කළහ.
මහා සංඝරත්නයේ සෙත් පිරි සජ්ජායනා මැද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් මිහින්තලා පුදාබිම ඒකාලෝක කෙරිණි.
එස්.එම්. චන්ද්‍රසේන, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරු, ආණ්ඩුකාර මහීපාල හේරත්, දුමින්ද දිසානායක, තිස්ස කරලියද්ද, ෂෙහාන් සේමසිංහ හිටපු අමාත්‍යවරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

