Featured News

Video Gossip

Advertisement

වෙළෙඳ සැල වෙත  දුරකථන ඇමතුමක් දුන්නම වෙන සහල්  උරයක් දෙන්නම් කිවුවා
අපගෙන් සහල් ගෙන එමෙන් අනතුරුව ගම්පොල වෙලද සැලෙන් ඇසුරුම් කරලා යැයි පොළොන්නරුවේ හාල් මෝලෙන් කිවුවා

නිවසට ගෙන එන ලද සහල් ගොනියක මිය ගිය මීයෙකුගේ මළ කඳක් සහ මිය ගිය මැස්සන්ගේ ශරිර කොටස් විශාල ප‍්‍රමාණයක් තිබි ඇති අතර නිවසියන් එම හාල් උරය පරික්ෂා කර ඇත්තේ සහල් උරය විවෘත කර පසු එයින් දුගඳක් වහනය විම නිසා බව තොරතුරු අනාවරණය විය.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ හෙම්මාතගම අක්කර සියය අම්බලව ප‍්‍රදේශයේ පදිංචි එම්.ජි.ප‍්‍රසන්න කුමාර මහතාය. දෙදරු පියෙකු වන ඒ මහතා තමන්ට ලගම ඇති නගරය වන ගම්පොළ නගරයේ සුපිරි වෙළෙඳ සැලකින් එම සහල් මිලදි ගෙන ඇත. ලංකාවේ පොළොන්නරුව ප‍්‍රදේශයේ නිෂ්පාදිත ලංකාවේ සෑම ප‍්‍රදේශයකටම අලෙවි කරන ප‍්‍රසිද්ධ නාමයක් සහිත එම නම යොදා ඇසුරුම් කරන ලද සහල් ගම්පොළ සුපිරි වෙළෙඳ සැලින් ලබා ගෙන ඇති අතර සිද්ධිය වු දිනයේදිම ඒ බව ගම්පොල පිහිටි වෙළෙඳ සැල වෙත දුරකථනයෙන් නිවෙස් හිමි ප‍්‍රසන්න මහතා විසින් දැනුම් දුන් පසු ඊට සහල් උරයක් නැවත ලබා දෙන බව පැවසු බව ඒ මහතා මාධ්‍ය වෙත පැවසිය.

කුලි වැඩ කර දරුවන් සහ බිරිඳ සිය මව ජිවත් කරවන එම්.ජි.ප‍්‍රසන්න කුමාර මහතා එහි ගිය මාධ්‍යවේදින්ට පෙන්වා දෙන ලද්දේ තමන්ගේ වයස අවුරුදු දෙක හමාරක කුඩා දරුවෙකුද සිටින නිසා මේ සියලූ දෙනා මෙම සහල් ආහාරයට ගැනිමෙන් යම් රෝගාබාධයකට ලක් වුයේ නම් ඊට වගකියන්නේ කවුරුන්ද යන්නයි.

සහල් උරය විවෘත කර පසු එයින් දුගඳක් වහනය විම නිසා සැක සිති සහල් උරය බිමට හලා බැලිමෙන් මේ සියලූ දේවල් ආනාවරණය වු බව පවසන ඒ මහතා මේ සම්බන්ධයෙන් සහල් මිලයට ගත් ගම්පොල වෙළෙඳ සැලටත් එයින් ලබා දුන් පොළොන්නරුවේ සහල් මෝලටත් කතා කර ඇත.

ඔවුන් විටක මෙතුමාට පවසා ඇත්තේ ලබා දිය හැකි ආර්ථික වශයෙන් බලාපොරොත්තු වන මුදලක් හෝ නැතිනම් සහල් නැවත ලබා දිමට කැමැතිනම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි.

නමුත් ඒ සියල්ලටම වඩා ප‍්‍රසන්න මහතා මේ වෙනුවෙන් සාධාරණ ඉල්ලිමක් සියලූ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටි. ඔහු පවසන්නේ සමහර වෙළෙදුන් නිසා ආහාර වලට වස විෂ අංඩගු වි මිනිසුන් අමාරුවේ කුඩා දරුවන් ලෙඩ විම වැලක්විමට වැරදි කරුවන්ට නිතීය ක‍්‍රියාත්මක කරවන ලෙසයි.

පසුව මාධ්‍යවේදින් ඒ මහතාට දන්වා සිටියේ් මේ සම්බන්ධයෙන් ආදාල ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා දැනුවත් කරවන ලෙසයි. ඒ අනුව දුරකථන මාර්ගයෙන් දැනුවත් කිරිමෙන් පසුව මෙම සහල් උරය පරික්ෂාවට ලක් කර අදාල වෙළෙදුන්ට නිතීය ක‍්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවද පැවසිය.

ගම්පොල සුපිරි වෙළෙඳ සැලින් සහල් ගෙන එන ලද ප‍්‍රසන්න මහතා පොළොන්නරුව සහල් මෝල් ආයතනයට දුකරකථනයෙන් ඇමැතුමක් ලබා ගත් අවස්ථාවේ එහි සිටි මහත්මයෙකු පවසා ඇත්තේ අපගෙන් සහල් ගෙන එමෙන් අනතුරුව ගම්පොල වෙළෙඳ සැලින් ඇසුරුම් කර ඇති බවට සැකයක් මතු වන බවයි. කෙසේ හෝ එලෙස ඇසුරුම් කර පොළොන්නරුවේ ප‍්‍රසිද්ධ සහල් මෝලෙහි නම සහිත බෑග් වල සහ එහි ස්ටිකර් යනආදිය අලවා අලෙවි කර ඇත්නම් එය වැරදි ක‍්‍රියාවක් වන අතර ඊට වගකිව යුත්තන්ගේ අවදානය යොමු විය යුතුව පවති.

– සමන් විජය බණ්ඩාර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements