Featured News

Video Gossip

Advertisement

අද (2020-06-09) සිට තමා “මන්ත්‍රී දේශපාලනයට“ සමුදීමට තීරණය කළ බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැනුම් දී සිටියි.

ඒ අනුව ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ ‘සමගි ජන බලවේගයේ’ අපේක්ෂකයකු ලෙස ඡන්ද නාමලේඛනයේ තම නම සටහන්ව තිබුණ ද ඡන්දය ඉල්ලීමෙන් වැලකී සිටින බව පවසන මංගල සමරවීර මහතා, තම අංකය ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙස මාතර දිස්ත්‍රීක් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇතැයි මංගල සමරවීර මහතා පවසයි.
ඔහු එබව කියා සිටියේ, මාතර පිහිටි ඔහුගේ නිවසේ අද (ජුනි 08) පස්වරුවේ පැවති සාකච්ඡාකදීය. මාතර දිස්ත්‍රීක්කයේ පළාත් පාලන නියෝජිතයින් ප්‍රමුඛ ක්‍රියාකාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට කැඳවා තිබිණ.

එහිදී විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අකාර්යක්ෂම හා අදූරදර්ශී පාලනයක් බවත්, මාස 6ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එය මැනවින් ඔප්පු කරමින් ඇති බවත්, ජාතිවාදය, ආගම්වාදය පතුරා හරිමින් මිලිටරිකරණයට රට නතු කරමින් සිටින බවත්, ඒ හමුවේ රට දැවැන්ත අර්බුදයක ගිල්වා ඇති මොහොතක විපක්ෂය තමන්ගේ කාර්යය කුමක්ද යන්න හෝ නිවැරදිව වටහාගෙන නොමැතිව කටයුතු කරන බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර සිටි හිටපු අමාත්‍යවරයා, පක්ෂය බෙදී වෙන්වීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර සිටියේය.

තිස් වසරකට අධික කාලයක් මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ නොබිඳුණු ප්‍රතිපත්තියක් වෙනුවෙන් තමා කටයුතු කළ බවත්, මේ රටේ ජීවත්වන සියලු මිනිසුන්ගේ ජීවනාලිය, සහජීවනය සහ මිනිස්කම දශමයකින් හෝ ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියා කළ බව ද සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, ඒ කාලය තුළ මාතරට මෙන්ම රටට යම් වැඩකොටසක් හෝ සාර්ථකව ඉටුකිරීමට හැකියාව ලැබුණු නමුත් තවත් බොහෝමයක් දෑ රට වෙනුවෙන් කළයුතුව ඇති බව ද එහිදී සඳහන් කර සිටියේය.

කෙසේ නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, සමාජ අනන්‍යතා සංස්කෘතීන් ඉවසන, එකිනෙකා කෙරේ වෛරයෙන් නොබැඳුණු මිනිස් කැළක් හා එක්ව නිවැරදි සංවර්ධන දිශානතියක් ගොඩනැංවීම වෙනුවෙන් නව දේශපාලන ප්‍රවේශයක ඇරඹුමක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ රටේ මිනිසුන් උප්පත්තියෙන් හිමිකර ගත් ජාතිය, කුලය, ආගම, ජන වර්ගය හෝ ලිංගික අනන්‍යතා සාධක තම හිස මත පුරවා නොගත්, දේශපාලන, සංස්කෘතික හා සමාජ කුහකත්වයෙන් තොර සියලු මිනිසුන්ට ආරාධනා කරන බවත් වැඩිදුරටත් අවධාරණ කර සිටියේය.

මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුවද තමා දේශපාලනයෙන් සමුගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිඳු ලෙසකින් තීන්දු කර නැතැයි අවධාරණය කර සිටි මංගල සමරවීර මහතා, අලුත් දේශපාලන ගමනක් ඇරඹීම සඳහා තමාට තිස් වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශීර්වාදය ඉදිරියටත් බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.

– මාධ්‍ය ඒකකය

මංගල සමරවීර මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ආරාධනාවක් ලැබී ඇති බවත් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සමග ඇමති ධූරයක් ලැබෙන නිසා මෙවැනි තීරණයකට එලබ ඇති බව මාතර ජනතාව අතර මේවන විට ප්‍රචාරය වෙමින් පවතින බව ගොසිප්99 වෙත වාර්තාවේ. 

ඒ පිළිබදව ගොසිප්99 කල විමසීමකසි ප්‍රකට දේශපාලන විචාරකයෙන් පැවසුවේ මේවන විට ජාතික ලැයිතුවට පුද්ගලයන් නම් කර ඇති බවත් ඔවුන් පත්වීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමෙන් ඒ පුරප්පාඩුව සදහා මෙවැනි පත්කිරීමක් සිදුවීමට ඉඩ ඇති බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements