Featured News

Video Gossip

Advertisement

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී රැඳවූවන් ඝාතනය කිරීමට අණ දුන්නේ ගෝඨා යැයි කියන්න කියලා
මා රිමාන්ඩ් භාරයට පත්ව බන්ධනාගාරයේ සිටියදී අදාළ සිද්ධියට රාජපක්ෂවරුන් සම්බන්ධ බවට පවසන ලෙස දන්වමින් යම් යම් අවස්ථාවලදී විවිධ පිරිස් බලපෑම් කළා

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී රැඳවූවන් ඝාතනය කිරීමට අණ දුන්නේ එවකට ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බවට අධිකරණය හමුවේ පාපොච්චාරණය කරන ලෙස හිටපු ඇමැති මර්වින් සිල්වා බන්ධනාගාරයට පැමිණ තමන්ගෙන් ඉල්ලා සිටි බව හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ඊයේ (8 වැනිදා) අනාවරණය කළේය.

මෙම සිද්ධියට රාජපක්ෂවරුන් කෙසේ හෝ සම්බන්ධ බවට පාපොච්චාරණයක් කරනු ලැබුවහොත් බන්ධනාගාරයේ නොසිට ඇප ලබාගත හැකි යැයිද හිටපු ඇමැති මර්වින් සිල්වා තමාට දැනුම් දුන් බවද එමිල් රන්ජන් ළමාහේවා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්කි දෙමින් පැවැසීය.

2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ කැරැල්ල සම්බන්ධ‍යන් අසත්‍ය කරුණු මත පදනම්ව තමන්ට එරෙහිව චෝදනා ගොනු කළ බව පවසමින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ අවස්ථාවේදී එමිල් රන්ජන් ළමාහේවා සාක්කි දෙමින්,

‘මා රිමාන්ඩ් භාරයට පත්ව බන්ධනාගාරයේ සිටියදී අදාළ සිද්ධියට රාජපක්ෂවරුන් සම්බන්ධ බවට පවසන ලෙස දන්වමින් යම් යම් අවස්ථාවලදී විවිධ පිරිස් බලපෑම් කළා.

අගමැති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය උපදේශකවරයකු වන අශෝක ජයතුංග 2018 වසරේ අග භාගයේදී මා හමුවීමට බන්ධනාගාරයට පැමිණියා. ‘මේකට අණ දුන්නේ කවුද? කියලා අගමැති අහගෙන එන්න කිව්වා.’ යැයි අශෝක ජයතුංග මා හට පැවැසුවා. අශෝක ජයතුංග කියන දෙයින් මට තේරුම් ගියේ මේකට අණදුන්නේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව කියන ලෙසත්, එසේ කිවහොත් ඇප ලබාගැනීමට හැකිවන බවත්ය.

හිටපු ඇමැති මර්වින් සිල්වා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත අශෝක ජයතුංග නමැති අය ගෙනා යෝජනා මා ප්‍රතික්ෂේප කිරීම නිසා, දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක්ව වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටීමටද සිදුවුණා.’ යැයිද පැවැසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements