Featured News

Video Gossip

Advertisement

බැඳුම්කර වංචාවට රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයාගේ නමද ගෑවීලාසාක්ෂි මෙන්න

රවී කරුණානායක මුදල් ඇමතිව සහ අර්ජුන් ඇලෝසියස් මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු කළ වංචාකාරී බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාවේදී විවිධ දේශපාලනඥයන්ගේ නම් ගම් එළියට පැමිණි අතර රවී කරුණානායක මහතාට සිය ඇමති ධුරයෙන් ඉවත්වීමට පවා සිදු විය.

මන්ත්‍රීවරු පස්දෙනෙකු සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවේ පරීක්ෂණය යන අතරතුර අර්ජුන් ඇලෝසියස් සමග සෘජුවම දුරකථන සංවාද පවත්වා ඇති බවද ලිඛිත තොරතුරු සහිතවම වාර්තා විය.

ඒ සියළු කරුනු අතරේ මේ වනවිට කෝප් වාර්තාවෙන් තවත් නමක් එළියට පැමිණ තිබේ. ඒ හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරියක මෙන්ම, ඇමතිවරියකද වූ රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා පිළිබඳවය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නුවන් සල්ගාදු මහතා සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන මහතා අතර ඇතිවන දුරකථන සංවාදයකදී මෙලෙස රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා පිළිබඳව කතා බවට ලක්වන අතර එම දුරකථන සංවාදවල දත්ත සටහන් බැඳුම්කර කොමිසම විසින් පිරීක්සීමේදී මෙය එළියට පැමිණ ඇත.

එම සංවාදය අනුව හෙළිවන්නේ පැවති පාර්ලිමේන්තුවේ කොප් කමිටු පරීක්ෂණයේදී කසුන් පලිසේන විසින් කෝප් කමිටුව වෙත ලබාදී ඇති ප්‍රකාශයක්, පාර්ලිමේන්තුවේ සභාගත කිරීමටත් පෙර චූදිත පාර්ශවයට ලබාදී මට රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා කටයුතු කර ඇති බවය.

බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ යන අතරතුර බැඳුම්කර වංචාවට රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයාගේ නමද ගෑවී ඇති බවට මාධ්‍ය මගින් යම් අනාවරණයක් කළ නමුත් රෝසි සේනානායක මහත්මිය විසින් එකළ එය ප්‍රතික්ෂේප කර තිබිණි.

කෙසේ නමුත් බැඳුම්කර වාර්තාවේ ඉංග්‍රීසි පිටපතේ පිටු අංක 162 සහ 163 යන පිටුවල කසුන් පලිසේන සහ නුවන් සල්ගාදුගේ සංවාදය ඇතුළත් කොටස පරිශීලනය කිරීමෙන් රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයාද මෙයට හවුල්වී ඇති බව තහවුරු වන අතර එම පිටු දෙක පහතින් උපුටා දැක්වෙයි.

රෝසිගේ පුත්‍රයා කන්ෂ්කගේ තවත් මගඩි ගැන තවත් බලාපොරොත්තවන්න.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements