Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පූජිත්ට එරෙහි නඩුවට අදාළ ලිපි කිහිපයක පිටු අස්ථානගත වෙලා

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමට නියමිත බවට පූර්ව තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට කටයුතු නොකිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ​​එරෙහිව පවරා ඇති නඩුව අද (ජන. 19) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබීය.

එහිදී පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවට අදාළ ලිපි කිහිපයක මුල් පිටපත්වල ඇතැම් පිටු අස්ථානගත වී ඇති බව අනාවරණය විය.

මෙම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාදීන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පොලිස්පති කාර්යාලයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. සේනාරත්න මහතා අධිකරණය හමුවේ සාක්ෂි දුන්නේ ය.
අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් සේනාරත්න මහතා මුල් ලිපිවල අස්ථානගත වූ ලිපි ලේඛන කිහිපයක් ඉදිරිපත් කළේ ය.

එම ලේඛනවලට අනුව, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සිය අත්සන තබා අදාළ බලධාරීන්ට පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබුණු අතර හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් එවන ලද ලිපියේ පවා අත්සන යොදා අදාළ අංශ වෙත යොමු කර තිබුණු බව සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ඉන් අනතුරුව විනිසුරු මඩුල්ලේ සාමාජික මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂාදීන් මෙම ලිපිවල අදාළ පිටු මීට පෙර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කර තිබුණේ දැයි සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ය.

''තමාට හරියට ම මතක නැති නමුත් තම මතකයේ හැටියට කිසිවෙකු මෙම ලිපිවල මුල් පිටපත්වල එම පිටු ඉල්ලා නොසිටි බව," සාක්ෂිකාර සේනාරත්න මහතා අධිකරණය හමුවේ පැවසීය.

වැඩිදුර විභාගය සඳහා නඩුව හෙට (ජන. 20) යළි කැඳවීමට නියමිත ය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් නීතිඥ රොෂාන් දෙහිවල මහතා පෙනී සිටියේ ය.
අපේ‍්‍රල් 21 වන දා සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 සහ 300 වගන්ති යටතේ මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීමේ වගවීම මත හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 855කින් සමන්විත අධිචෝදනා ගොනු කර තිබිණි.

අදාළ බුද්ධි තොරතුරු ලැබී තිබියදී ඒ මත කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රබල නොසලකා හැරීම හා ප්‍රබල පැහැරහැරීම් හේතුකොට ගෙන මෙම සිද්ධිවලට අදාළව විත්තිකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 හා 300 යටතේ මිනී මැරීමට හා මිනී මැරීමට තැත් කිරිමේ වරදට වග කිව යුතුය යන පදනම මත මරණ 275 සිදු කිරීම හා 500 ආසන්න පිරිසකට තුවාල සිදු කර මිනී මැරීමට තැත් කිරිමේ චෝදනාවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා 864 ඉදිරිපත් කර තිබිණි.
පාස්කු ප‍්‍රහාරයට සිදුවීමට පෙර අවස්ථාවන් ගණනාවකදී බුද්ධි අංශ විසින් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත යොමු කළ ලිපි 31ක් අතුරින් ලිපි 21කට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත‍්‍රස්ත විමර්ශන අංශය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේනතුව, නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියම කරමින් හිටපු පොලිස්පතිවරයා විසින් එම ලිපි යොමු කොට ඇති බව නිරීක්‍ෂණ කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල ඒ බව පෙන්වා දුන්නේය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook