Featured News

Video Gossip

Advertisement

ගුටිකාපු අය පොලිසියට - ගහපු 2ක් රෝහලේ
House Of Fashions ගැටුම කණපිට හැරේ 
CCTV දර්ශනත් එළියට

බම්බලපිටියේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් (house of fashions) නිමි රෙදිපිළි අලෙවිසැලේ වෙළෙද සේවකයන් පිරිසක් විසින් පාරිභෝගිකයෙකුට පහරදීමේ සිද්ධියේදී තුවාල ලැබූ නිමි රෙදිපිළි වෙළෙඳසැලේ සේවකයන් දෙදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

මෙම ගැටුමේදී සේවකයන් අතින් පයින් මෙන්ම පොලුවලින්ද පහරදී තිබෙන අතර පාරිභෝගිකයාද මොවුන්ට බකට්වලින් සහ අතින් පයින් පහරදී ඇති බව පොලිසිය තහවුරුකරගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර ගැටුමට මුල් වූ හයිලෙවල් පාර මහරගම ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකගෙන් ඊයේ (23) පොලිසිය ප්‍රකාශ සටහන්කරගෙන ඇත.

එසේම, සාප්පු සංකිර්ණයේ සේවක පිරිසකගෙන්ද ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

කෙසේවුවද, මෙම ගැටුමට අදාළව මෙතෙක් කිසිවකු හෝ අත්අඩංගුවට ගෙන නොමැත.

ගැටුමට මුල..

හවුස් ඔෆ් ෆැෂන් (house of fashions) සාප්පු සංකීර්ණයේ රථගාලේ පෙරේදා (21) රාත්‍රියේ කිසියම් පුද්ගලයකු වාහනයක් නවතා වෙළඳ සංකීර්ණයට නොයා වෙනත් කටයුත්තක් සඳහා බැහැරව ගොස් ඇත.

මෙම අවස්ථාවේදී වෙළඳ සංකීර්ණයට පැමිණි තවත් පාරිභෝගිකයකු ආපසු යාම සඳහා රථගාලේ වාහනය අසලට පැමිණ ඇති මුත් ඉහත කී පුද්ගලයාගේ වාහනය නිසා එය ඉදිරියට ගැනීමට අපහසු වී ඇත.

මේ සම්බන්ධයෙන් මෙම පාරිභෝගිකයා සිය බිරිඳ සමග ගොස් සාප්පු සංකීර්ණයේ ආරක්ෂකයන් හා සේවකයන් අතර ගැටුමක් ඇතිකරගෙන ඇති අතර ඒ අනුව සේවකයන් එක්ව මෙම පුද්ගලයාට පහර දී ඇති බව පැවසේ.

මේ අතර සිදුවූ ගුටි බැට හුවමාරුව සම්බන්ධයෙන් එම ආයතනයේ සීසීටීවී කැමරා දර්ශන සහිත වීඩියෝවක් සමාජ ජාල වෙත මුදාහැර ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාලවල චෝදනා එල්ල වන්නේ ආයතනයේ සේවක පිරිසට වුවද ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ආයතන පැමිණි පාරිභෝගිකයෙකුගේ කලහකාරී හැසිරීම පාලනය කිරීමට සේවකයන් මැදිහත් වූ බවයි.



 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements