Advertisement

අපේ පවුලෙ හොදම අයියා, දගම මම, සැරම අක්කා -  ජැක්සන් ඇන්තනීෙග් පවුල ගැන කියපු බාලයා සජිත ඇන්තනී

අපේ රටේ ඇන්තනී පවුල කියන්නේ  කොයි කවුරුත් දන්න ජනප්‍රිය කලා පවුලක්. මේ කලා පවුලේ නියමුවා තමයි  රංගධර ජැක්සන් ඇන්තනී.

 ඉතින් මේ කලා පවුලේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් තුන් දෙනෙක් ඉන්නවා. 

මාධවී වත්සලා, අකිල ධනුද්ධර සහ සජිත ඇන්තනී කියන්නේ.

මේ කලා පවුලේ චුටි පුතා තමයි සජිත ඇන්තනී කියන්නේ. පොඩි කාලේ ඉදලම කලා ආභාෂයත් එක්ක හැදී වැඩුණු සජිත ළමා රංගන ශිල්පියෙක් විදියට කලාවට එකතු වෙනවා. 

ඔහු ළමා රංගන ශිල්පියෙක් විදියට ‘සූරිය අරණ’ චිත්‍රපටයේ රංගනය කරනවා.

ඉතින් මේ වන විට දක්ෂ රංගන ශිල්පියෙක් වන සජිත කාගේත් ආදරය දිනා ගෙන ඉන්න කෙනෙක්. ඔහු රංගනය කල ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ සරා විදියට කාගේත් ආදරය දිනා ගත් සජිත මේ වන විට ඇන්තනී පවුලේ චූටි පුතා වුනාට දැන්නම් ඔහු ආදරණීය පියෙක්. 

ඉතින් කුඩා කාලේ ඉදලම කලා ආභාෂයත් එක්ක රංගන පාසලක ජීවත් වෙන සජිත සහ සහෝදර සහෝදරියන් එක්ක ගත කල ළමා කාලය ගැන ඔහු මේ විදියටයි මතකය ආවර්ජනය කලේ.

” අපේ ගෙදර ඉස්සර යුධ පිටියක් වගේ. මම තමයි අපේ ගෙදර බාලම. එතකොට අපේ අක්කා තමයි අපේ පවුලෙ සැරම. අයියා තමයි හොදම. මම තමයි දගම. අපි තුන් දෙනා පඩිපෙලක් වගේ. අයියා මට වඩා අවුරුද්දයි වැඩි මහල්. අක්කා 3යි. ඉතින් අපි සෙල්ලම් කරනවා ඉස්සර.”

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements