
අපේ රටේ පර්යේෂකයින් පිරිසක් පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් පිළිකා රෝගය සඳහා ඖෂධයක් සොයාගැනීම ආරම්භ කරන්නේ 2012 වසරේදීයි.
ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ, වියළි කලාපයේ හටගන්නා ෆුල්විෆෝර්ම් ෆස්ටුඕසස් නමින් හඳුන්වන ඉතා දුර්ලභ හතු විශේෂයකි.
වසර 3ක් තිස්සේ පර්යේෂණයේ නිරත ඔවුන්ට 2015දී එහි ප්‍රතිපළ අත්විඳීමට හැකි වෙයි.
ඒ ප්‍රතිපිළිකා කාරක සංයෝගයක් සොයාගනිමින්ය.
