Advertisement



අපේ රටේ පර්යේෂකයින් පිරිසක් පිළිකාව සඳහා සාධනීය විසඳුමක් ඉදිරිපත් කර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ වෛද්‍ය පීඨයේ පර්යේෂණ කණ්ඩායමක් පිළිකා රෝගය සඳහා ඖෂධයක් සොයාගැනීම ආරම්භ කරන්නේ 2012 වසරේදීයි.

ඒ සඳහා ඔවුන් භාවිත කරන්නේ, වියළි කලාපයේ හටගන්නා ෆුල්විෆෝර්ම් ෆස්ටුඕසස් නමින් හඳුන්වන ඉතා දුර්ලභ හතු විශේෂයකි.

වසර 3ක් තිස්සේ පර්යේෂණයේ නිරත ඔවුන්ට 2015දී එහි ප්‍රතිපළ අත්විඳීමට හැකි වෙයි.

ඒ ප්‍රතිපිළිකා කාරක සංයෝගයක් සොයාගනිමින්ය.
ඉන් නොනැවතුණු එම කණ්ඩායම තම පර්යේෂනයට අදාළව පේටන්ට් බලපත්‍ර ලබාගැනීමට සමත්වෙයි.

ඒ, අදාළ ප්‍රතිපිළිකා සංයෝගයේ ප්‍රති පිළිකා ගුණයට සහ නිස්සාරණ ක්‍රියාවලිය සඳහාය.

පර්යේෂණ කණ්ඩායම සොයා ගන්නා ලද මෙම නව සංයෝගයෙන් මිනිස් ශරීරයේ සෙසු කොටස් විනාශ වීමක්  නොවෙයි.

ෙලෝක ජනගහණයෙන් මිලියන 22 ක් වාර්ෂිකව පිළිකා රෝගයට ගොදුරු වෙයි.

ඊට වාර්ෂිකව එක්වන ලාංකිකයින් ගණන 25000කි.

ජාතික පිළිකා මර්දන වැඩසටහනට අනුව ඉන් වාර්ෂිකව මියයන පිරිස 14000කි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements