Featured News

Video Gossip

Advertisement

හීත්‍රෝවලදි කිව්වේ දෙදෙනෙකු අතර පරතරය තියාගෙන ඉන්න කියලා විතරයි
ශ්‍රී ලංකාව තුළදී අපි සෞඛ්‍ය ආරක්ෂිත ඉල්ලුම්පත්‍ර, උෂ්ණත්වය පරීක්ෂාකිරීම් වගේම සියලුදෙනා අත්ආවරණ සහ මුඛ ආවරණ පැළඳ සිටියා

මෙරට සංචාරය කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුද BBC පුවත්සේවය සමඟ සිය අදහස් පළකරමින් පවසා ඇත්තේ නව කොරෝනා වෛරසය මර්දනයට ශ්‍රී ලංකාව සතුටුදායක පියවර ගෙන පවතින බවයි.

ශ්‍රී ලංකාවේ සංචාරය කළ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් වන ග්‍රැහැම් ඇබෝර්ට් මහතා පවසා සිටියේ මෙවන් අදහසක්. 

"ශ්‍රී ලංකාව තුළදී අපි සෞඛ්‍ය ආරක්ෂිත ඉල්ලුම්පත්‍ර, උෂ්ණත්වය පරීක්ෂාකිරීම් වගේම සියලුදෙනා අත්ආවරණ සහ මුඛ ආවරණ පැළඳ සිටියා. නමුත් හීත්‍රෝවලදි කිව්වේ දෙදෙනෙකු අතර පරතරය තියාගෙන ඉන්න කියලා විතරයි. 


උදාහරණයක් ලෙස ආගමන විගමන නිලධාරින් මගේ ගමන් බලපත්‍රය ගනිද්දි අත්ආවරණවත් පැළඳ සිටියේ නැහැ. ලොකු වෙනසක් දැනුණා."

ඔබට වඩාත් විශ්වාසයක් දැනුනේ කොහේදීද? 

"ශ්‍රී ලංකාවේ දී තමයි, අපි කොළඹ වෙත ළඟාවෙද්දීම ඔවුන් සියලුදේටම සූදානම්වෙලා හිටියේ. ශරීරිය වගේම උෂ්ණත්ව පරික්ෂාවන් සිදුකරන ක්‍රමවේදයන් ඔවුන් සියල්ලටම සූදානම් වෙලා."

මේ අතර අද විට ශ්‍රී ලංකාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වන විට ආසාදිතයන් 115 දෙනකු මෙරට තුළදී හඳුනා ගෙන තිබේ.

මාර්තු 11 වැනිදා සිට මේ දක්වා එම ආසාදිතයන් හඳුනාගැනීම සිදු වූයේය.

අද දිනයේදී රෝහලෙන් පිටව ගිය ආසාදිතයන් දෙදෙනාත් සමඟින් ආසාදිතයන් 11 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා සිටියි.

ඒ අනුව රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 103 ක්.

ඊයේ වන විට සැක මත වෛද්‍ය අධීක්ෂණය යටතේ 199 දෙනකු රෝහල්ගතව සිටි නමුත් ඉන් අසූ දෙදෙනකු අද දින පිටව ගියේය.

ඒ අනුව තවදුරටත් කොරෝනා ආසාදනය වී ඇත්දැයි සැකමත රෝහල්ගතව සිටින පුද්ගලයන් ගණන 117 ක්.

කෙසේවෙතත් අද දින අලුතින් කොරෝනා ආසාදිතයකු හඳුනා ගෙන නැහැ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements