Advertisement

අද(26) මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් 95 දෙනෙක් සදහා කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටිනවා.

වැලිසර නාවික හමුදා කඳවුර තුලදී නිලධාරීන් 68 දෙනෙක් සහ නිවාඩු ලබා සිටිය නිලධාරීන් 27 දෙනෙකු මෙලෙස කොරෝනා වෛරසයට ආසාධනය වී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

අද දිනයේදී මේ දක්වා කොරෝනා වෛරසය ආසාධනය වී සිටින රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇති බවත් ඉන් එක් රෝගියෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වන බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ. සෙසු රෝගීන් 10 දෙනා නිවාඩු ලබා ගොස් නිවෙස් වෙත ගොස් සිටි වැලිසර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් බවයි යුධ හමුදාපතිවරයා කියා සිටියේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements