Advertisement

වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිසියේ නාවික හමුදා නිලධාරියෙක් මියගොස් තිබේ. ඔහුට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට

සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව නාවික හමුදාව සඳහන් කරයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.

මෙම නිලධාරියා ඉකුත් 18 වෙනිදා ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි රෝහලට ඇතුලත්ව තිබේ. එම නාවික හමුදා නිලධාරියා කලක් වකුගඩු රෝගයෙන් පෙලී ඇති අතර සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී ඔහුට මී උණ රෝගය වැලදී ඇති බව හෙළි වූ බව නාවික හමුදාව සඳහන් කරයි.

කෙසේ වුවත් ඇතිවූ සංකුලතා මත මෙම නාවික හමුදා නිලධාරියා අවාසනාවන්ත ලෙස ඊයේ රාත්‍රියේදී මියගොස් ඇත.

මෙම නාවික හමුදා නිලධාරියා ප්‍රතිකාර ලැබූ රෝහලේ වාට්ටුවේ සිට පසුව කොරෝනා ආසාධිතයෙක් බවට හෙළිවූ නිලධාරියෙක් සිටීම හේතුවෙන් මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නිතියන්ට යටත්ව සිදුකරන ලෙස රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේය.

1984 වර්ෂයේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ දී උපත ලැබූ මෙම නාවික හමුදා නිලධාරියා ලුතිනන් කමාන්ඩර් නිලයේ කටයුතු කළ ඉතා දක්ෂ නිලධාරියෙක් බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements