Featured News

Video Gossip

Advertisement

තමා විසින් ඒකපාර්ශවික පාර්ලිමේන්තුව රැස්කිරීමේ සූදානමක් පවතින බවට පල වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු කථානායකවරයා පෙන්වා දෙන්නේ කොරෝනා අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රි ලංකාවට තවත් ව්‍යවස්ථා අර්බුදයක් අනවශ්‍ය බවයි.
අර්බුදයක් ඇතිවීම වැළැක්වීමට විධායකය කටයුතු කළ යුතු අතර යම් මතභේදයකදී අධිකරණයේ නියෝගයට ගරු කිරීමට තමන් බැඳී සිටින බව කරූ ජයසූරිය මහතාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වනවා.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30ට කථානායක නිල නිවසේ දී රැස්වුණා.

ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයින් සහභාගී වී සිටි බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements