Advertisement

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ සිදුකළ P.C.R. පරීක්ෂණවලින් තවත් නාවික හමුදා සෙබළුන් 29 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.


මේ අනුව ඊයේ පොළොන්නරුවෙන් හඳුනා ගත් නාවික හමුදා සෙබලා ඇතුළු වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා අසාධනය වී ඇතැයි PCR පරීක්ෂණයේදී සොයාගෙන ඇති බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

ඒ අනුව අද දිනය තුළ පමණක් හඳුනාගැණුනු රෝගීන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ යනවා.

මෙය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 368ක් දක්වා ඉහළ යනවා.

වෛරසය ආසාදිතයන්ගෙන් 107 දෙනෙකු ප්‍රතිකාරවලින් පසු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 7ක්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements