Featured News

Video Gossip

Advertisement

රතු දිස්ත‍්‍රික්කවල සිට මේ දිස්ත‍්‍රික්කයට එන්න එපාප‍්‍රධාන ස්ථාන කිහිපයක් හැර අනෙක් සියලූම තැන් වසා දමන්නට සිදුවෙනවා

කොරෝනා වයිරසය හේතුවෙන් දිවයිනේ දැනට නම් කර ඇති අවදානම් රතු දිස්ත‍්‍රික්කවල සිට අත්‍යාවශ්‍ය සේවාවන්හි හැර වෙනත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට ඇතුලූවීම තාවකාලිකව තහනම් කිරීමට අද(23) තීරණය කළ බව පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප‍්‍රකාශ කළේය.

අනෙකුත් දිස්ත‍්‍රික්කවල සිට මේ දිස්ත‍්‍රික්කයට පැමිණෙන අයද අනිවාර්යයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ සහතිකය මත පැමිණිය යුතුයැයි ඒ මහතා කීය.

උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවැති දිස්ත‍්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවේදී මෙම තීරණ ගත් බව දිස්ත‍්‍රික් ලේකම්වරයා කීය.


ඒ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත‍්‍රික් ලේකම්වරයා මෙසේද කීය.

‘‘මේ කමිටුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂතුමා විශේෂයෙන්ම පෙන්වා දෙනු ලැබුවා පිට දිස්ත‍්‍රික්කවල වැඩ කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ආරක්ෂක අංශ,පොලීසිය සහ අත්‍යාවශ්‍ය සේවා සපයන අය ඔවුන්ට නිවාඩු ලැබුණාම මේ දිස්ත‍්‍රික්කයට එනබව.නමුත් ඔවුනගේත්, අපේත් හැමෝගෙම ආරක්‍ෂාවට මේ තින්දුව ගමු කියලා රතු දිස්ත‍්‍රික්කවලින් පැමිණෙනවා නම් එය නවත්වන්නට.ඒ නිසා අපි ඔවුන් ගෙනුත් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා රතු දිස්ත‍්‍රික්කවල සිට මේ දිස්ත‍්‍රික්කයට එන්න එපා කියලා.ඒ වගේ අනෙක් දිස්ත‍්‍රික්කවල සිටත් එනවා නම් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ සහතිකය මත තමයි එන්න පුළුවන්.ඒ වගේම ගොවිතැන් කටයුුතු සඳහා පිට දිස්ත‍්‍රික්කවලින් කිසිම අයෙක් ගෙන්වා ගන්න එපා කියලා ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ දිස්ත‍්‍රික්කයට ඇතුලූ වන ප‍්‍රධාන ස්ථාන කිහිපයක් හැර අනෙක් සියලූම තැන් වසා දමන්නට අපට සිදුවෙනවා.නැතිනම් මෙය පාලනය කරන්නට අපට බැරි වෙනවා. ඒ වගේම සැක සහිත දිස්ත්‍්‍රකකවලට යාම සම්බන්‍ධයෙන්ද අපි දැඩිව ඉන්නවා යැයිද දිස්ත‍්‍රික් ලේකම් වරයා ප‍්‍රකාශ කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements