කොරොනා අවධානම් රතු දිස්ත‍්‍රික්කවල සිට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට ඇතුලූවීම තහනම්
corona
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
Polonnaruwa
,
Sri lanka
,
web gossip
රතු දිස්ත‍්‍රික්කවල සිට මේ දිස්ත‍්‍රික්කයට එන්න එපාප‍්‍රධාන ස්ථාන කිහිපයක් හැර අනෙක් සියලූම තැන් වසා දමන්නට සිදුවෙනවා
කොරෝනා වයිරසය හේතුවෙන් දිවයිනේ දැනට නම් කර ඇති අවදානම් රතු දිස්ත‍්‍රික්කවල සිට අත්‍යාවශ්‍ය සේවාවන්හි හැර වෙනත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට ඇතුලූවීම තාවකාලිකව තහනම් කිරීමට අද(23) තීරණය කළ බව පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ප‍්‍රකාශ කළේය.
අනෙකුත් දිස්ත‍්‍රික්කවල සිට මේ දිස්ත‍්‍රික්කයට පැමිණෙන අයද අනිවාර්යයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ සහතිකය මත පැමිණිය යුතුයැයි ඒ මහතා කීය.
උතුරු මැද පලාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවැති දිස්ත‍්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවේදී මෙම තීරණ ගත් බව දිස්ත‍්‍රික් ලේකම්වරයා කීය.






