Featured News

Video Gossip

Advertisement

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් එල්ල කරති.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිදු කරන්නේ මාධ්‍ය වල පෙනී සිටීම මිස තමන්ට අයත් රාජකාරිය නොවන බවත් කී   ආනන්ද හිමියෝ එනිසා තවදුරටත් මාධ්‍ය වලින් පෙනී සිටීමෙන් වැලකී තමන්ට අයත් රාජකාරිය සිදුකරන ලෙස ඉල්ලා සිටියහ.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිපුර සිටින්නේ කොරෝනා මර්දනයේ නොව මාධ්‍ය වල බවත් මාධ්‍ය වල පෙනී සිටීමෙන් කොරෝනා මර්දනය නොවන බවත් තමන්ට පවසන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා උදෑසනට මාධ්‍ය ඉදිරියට විත් ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් ලබා දෙන වාර්තා බවත් උන් වහන්සේ පැවසූහ.

උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදීම තවදුරටත් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශයේ සියලු කාර්ය තමන් යටතට පවරාගෙන දොඩම් ගොඩ බදා ගත්තා වාගේ වැඩ කරමින් සිටින බවයි.

එසේ කරන්නේ නැතිව සුදුස්සන්ට වැඩ බෙදා දෙන ලෙසද උන් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතාද එක්ව සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements