Advertisement

කොරෝනා වසංගතය ලංකාව පුරා පැතිරීම පාලනය කරමින් මෙය මර්දනය කිරීමට දැඩි උත්සාහයක නිරත වෙන කණ්ඩායම් අතර IDH රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රධාන තැනක් ගන්නවා. කොරෝනා වෛරසයට ගොදුරු වුන වැඩි පිරිසක් ප්‍රතිකාර ලබන රෝහල එය වීම විශේෂත්වයක්.

මේ වෙද්දී වෛරසයට ගොදුරු වුණ සැලකිවයුතු ප්‍රමාණයක් දෙනා සම්පූර්ණ සුවය ලැබුවේද මෙම වෛද්‍ය කාර්යමණ්ඩලයට පිංසිදුවන්නට බව රහසක් නොවේ. 

මේ නිසාම තමන්ගේ ජීවිත අවධානමේ හෙලමින් රෝගීන්ගේ ජිවිත වෙනුවෙන් කැපවෙන ලංකාව පුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතරේ IDH පිරිස හැමෝගෙම අවධානය දිනාගත්තා. මොවුන් කිසිවෙක් ගැන ලොකු සඳහනක් නොවුනත් මුළු රටක් ඔවුන්ට ආශීර්වාද කරන්නට වුනේ මේ කැපකිරීමට කෘතගුණ දැක්වීමක් වශයෙන්.

කොහොම වුනත් ඔන්න පහුගිය දවසක මේ IDH වෛද්‍ය කාර්ය මණ්ඩලය ගැන හැමෝම එක වගේ උනන්දුවකින් කතා කරන්න පටන් ගත්තේ ඔවුන්ගේ බොහොම අපූරු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමත් එක්ක. 

ඔවුන්ව මෙහෙම ඔබට පෙන්වන අතරේ විශේෂයෙන්ම මතක් කළයුතු කාරණා කිහිපයක්ම තිබෙනවා.

කොවිඩ් 19 වෛරසයට එරෙහිව සටන් කරන මේ කණ්ඩායමේ කායික විශේෂඥ වෛද්‍යවරු සිව් දෙනෙක් සමඟ තවත් වෛද්‍යවරු 14 දෙනෙක් ඉන්නවා.

පින්තූරයේ නැති වුනත් අමතක කරන්න බැරි තව පිරිසක් ඉන්නවා. ඒ තමයි රෝහල් හෙද කාර්ය මණ්ඩලය සහ සෙසු රෝහල් කාර්ය මණ්ඩලය. මේ සටන වෙනුවෙන් ඔවුන් සියල්ල ලබා දෙන සටන පහසුවෙන් සැලකිය හැකි එකක් නෙමෙයි.

මේ ස්තුතිය රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන ඔබ සියල්ලන්ටම! 




රිද්මි පතිරණ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements