Advertisement

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාක්ල් මේ දිනවල රැඳීසිටින්නේ කොරෝනාව දැඩි ලෙස පැතිරගිය ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරයි. ඔවුන් එරට නිවෙස්වල සිරවී සිටින්නන් වෙනුවෙන් සහනාධාර වැඩසටහන් වලට දායකවී තිබෙන අතර ලාබ නොලබන ආයතනයක් වන ඒන්ජල් ෆුඩ් වෙනුවෙන් නිවෙස් වලට ගොස් ආහාර මළු ලබා දෙන අයුරු වාර්තා විය.
හැරී සහ මේගන් දෙන්නා බටහිර හොලිවුඩයේ සියෙරා බොනීටා ප්‍රජා මහල් නිවාසයට බදාදා පෙරවරු 10:55 ට පමණ සිය SUV රථයෙන් පැමිණි බව සීසීටීවී කැමරාවලට හසුව තිබේ. කණ්ඩායමක් ලෙස ඔවුන් පැමිණියත් මෙම යුවළ වෙනම ආහාර ලබා දීම සඳහා මහල් නිවාසයේ ගෙවල් ගානේ ඇවිද ගිය බව වාර්තා විය.

සාමාන්‍ය ජීන්ස් වලින් සැරසී සිටි හැරී සහ මේගන් දෙදෙනාම කැලිෆෝනියාවේ මුහුණු ආවරණ සම්බන්ධ නව නීති රීති අනුගමනය කර තිබුණි.

පළමු වරට ලොස් ඇන්ජලීස් හි ඔවුන් සිටින අයුරු ඡායාරූප වලට හා වීඩියෝවට නැගුනේ පහත පරිදිය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements