Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

වෛද්‍ය පීඨයේ රසායනාගාරයෙන් කිසිදු අවස්ථාවක වැරදි වාර්තා පිටවුනේ නෑ
පරික්ෂණයකදී නිසි පීසීආර් මෙවලම යෙදිය යුතුයි

පී සී ආර් පරික්ෂණයෙන් කොවිඞ් 19 වයිරසය ආසාදිතයකු බවට හදුනාගන්නා අයෙක් ඊළඟ දිනයේ දී එම පරික්ෂණය කිරීමේ දී ආසදිතයෙකු නොවන බවටත් පසුදින යළි ආසාදිතයෙකු බවටත් පෙන්විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුරංගි යසවර්ධන මහත්මිය පවසනවා.

එම වයිරසය ලෝකයටම අලූත් එකක් බැවින් තවමත් බොහෝ රටවල පර්යේෂණ සිදු කරන බව කී යසවර්ධන මහත්මිය රෝගියකු සුවපත්වී ඇතැයි පැවැසීමට නම් ඔහුගේ පීසීආර් පරික්ෂණය එක ළඟ දින දෙකක දී ආසාදිතයෙකු නොවන බව පෙන්විය යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියා ඇත්තේ ඒ නිසා යැයි ද පැවැසුවා.
කොවිඞ් වයිරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයාගේ පී සී ආර් පරික්ෂණය පවා සිදුකරන ලද්දේ මෙකී සිද්ධාන්තය මත පිහිටා බවත් තම වෛද්‍ය පීඨයේ රසායනාගාරයෙන් කිසිදු අවස්ථාවක වැරදි වාර්තා පිට නොවූ බවත් මහාචාර්යවරිය සඳහන් කළා.

ඩෙංගු වයිරසය සදහා වසර 10කට ආසන්න කාලයක් තිස්සේ පී සී ආර් පරික්ෂණය සිදුකරන ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයීය රසායනාගාරය කොවිඞ් 19 වයිරසය ආසාදිතයින් හදුනාගැනීම සදහා පරික්ෂණ ආරම්භ කරන ලද්දේ පෙබරවාරි 28 වැනිදා යැයි ද මහාචාර්යවරිය සඳහන් කළා.

වෛද්‍යපීඨයේ පීඨාධිපතිනිය මෙම අදහස් පළ කළේ එම විශ්ව විද්‍යාලයේ සිදුකරන පීසීආර් පරික්ෂණ වාර්තා වැරදි බවට පළවන මතය සත්‍යයක් දැයි පුවත්පතක් කළ විමසුමක දී.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ යසවර්ධන මහත්මිය තම වෛද්‍යපීඨ රසායනාගාරයේ පීසීආර් පරික්ෂණ යන්ත‍්‍ර දෙක නිසි පීසීආර් මෙවලම යෙදිය යුතුව ඇති බවත් එම යන්ත‍්‍ර දෙකෙන් ඉතාම නිවැරදි වාර්තා ලබාගත හැකි බවත් පීඨාධිපතිනිය පැවැසුවා.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook