Advertisement

විදේශ රටක ඉගෙනුම ලබන තම දියණිය ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි විසින් පල නර ඇති වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
එම දියණිය මෙරටට ගෙන්වා ගැනීමේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරෝධායන රෙගුලාසි කඩමින් ගුවන් යානයේ ළඟටම තම මෝටර් රථයෙන් ගොස් දියණිය නිරෝධායනට ලක් නොකර දියණිය නිවෙසට ගෙන ගොස් ඇතැයිද එම වාර්තාවන්හි සදහන් වෙයි.
මෙම වාර්තා දැඩිව ප්‍රතික්ෂේප අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ තම දියණිය මේ වන විටත් බෙලාරැස් රාජ්‍ය සිටින බවත් ඇය ඉදිරියේ දී පැවැත්වෙන විභාගයක් සඳහා සූදානම් වෙමින් සිටින බවත්ය.
කිසිවකු හෝ පළ කරන මෙවන් වාර්තාවන් සත්‍ය යැයි ඔප්පු කරන්නේ නම් තමන් නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු කියා සිටියේය.
කිසිවෙකුගේ හෝ අධ්‍යාපන ලබන දරුවන් ඉලක්ක කර මෙවන් ආකාරයේ අසත්‍ය පුවත් පළ නොකරන ලෙසද ඉල්ලා සිටි ඔහු එමඟින් එම දරුවන්ගේ මානසික මට්ටම බිඳ වැටෙන බවද කියා පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements