Advertisement

පසුගිය අප්‍රෙල් මස 21 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරෙන් පළමු කොරෝනා ආසාදිත සෙබළා හඳුනා ගත් පසු මේ වන තෙක් එම කදවුරේ ආසාදනය වීමේ අඩුවක් දකින්නට නැත්තේ මන්දැයි වසංගත රෝග විශේෂඥයන් කරුණු පැහැදිලි කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පෙන්වා දෙන්නේ නාවික හමුදා කඳවුරේ සෙබලුන් 5600 පමණ සිටින සංයුක්ත තැනක් නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

මෙම සීමිත ඉඩකඩ තුළ එකිනෙකා සමග ගැටීමේ ඇති ඉඩකඩ ඉතා වැඩි නිසාද මෙම තත්ත්වය මෙසේ වීමට බලපා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

දැනට වැලිසර හමුදා කඳවුරේ සිටින ආසාදිතයන් එහි විවිධ අවස්ථාවන් පසු කරමින් සිටින බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් වැලිසර කදවුරෙන් වෛරසය කිසිසේත්ම සමාජගත වීමක් සිදු නොවන බව තහවුරු කළ හැකි යැයි ද ඔහු අවධාරණය කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements