Advertisement

අවදානම් ප්‍රදේශවල ජිවත්වන දෙමාපියන් මෙම රැස්වීමට සහභාගිවෙලා
සමස්ත පාසලේ සිසුවියන් සහ ඔවුන්ගේ පවුල්වල සියල්ලන්ම අවදානමට ලක් කරලා

කොරෝනා අර්බුධය හමුවේ රටම ප්‍රවේශමින් කටයුතු කරමින් සිටින අතරේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රධාන පෙළේ රැස්වීමක් ඊයේ (12) පවත්වා තිබෙනවා.

පාසල් සංවර්ධන සමිතිය මෙහිදී රැස්ව ඇති අතර විදුහල්පතිනිය ,උප විදුහල්පතිවරු ,කාර්ය මණ්ඩලය සහ දෙමාපියන් ද ඊට එක්ව සිටියා.

පාසලේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබුණා.


විවිද රැකියාවන්හි නිරත විවිධ අවදානම් ප්‍රදේශවල ජිවත්වන දෙමාපියන් මෙම රැස්වීමට සහභාගිවී සිටි බවයි වාර්තා වන්නේ.

කොරෝනා අවදානම පවතින මෙවන් කාලයක එවැනි රැස්වීමක් පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය අවසර දුන්නේ නම් එහි ආසාදිත පුද්ගලයන් නොමැති බවට සහතික වුණේ අමාත්‍යංශ ලේකම්වරයා ද නැතහොත් අමාත්‍යවරයා ද යන්න අනුලා විදුහලේ දෙමාපියන් විමසා සිටිනවා.

එම දෙමාපියන් පවසන්නේ මෙම රැස්වීම නිසා සමස්ත පාසලේ සිසුවියන් සහ ඔවුන්ගේ පවුල්වල සියල්ලන්ම අවදානමට ලක් කර ඇති බවයි.

මෙම පාසලේ රැස්වීම පැවැත්වීම සඳහා අවසර දුන්නේ නම් එම නිලධාරීන් ද මීට ප්‍රධානත්වය දුන් අයද නීතියේ රැහැනට අත්අඩංගුවට ගත යුතු බවත් ඊට සහභාගිවූ සියල්ලන්ම PCR පරීක්ෂණයකට යොමු කළ යුතු බවත් දෙමාපියන් ඉල්ලා සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements