Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී රත්ගම ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන ලද අපේක්ෂකයෙකුට අයත් බව කියන හික්කඩුව, මලවැන්නේ කැලෑබද ප්‍රදේශයක් තුල පවත්වාගෙන ගිය කසිප්පු නිශ්පාදනාගාරයක් වටලා පෙරන ලද කසිප්පු, ගෝඩා හා උපකරණ තොගයක්ද සමග සැකකරුවෙකු ඇල්පිටිය නොවිසදුන අපරාධ කොට්ඨාශය මගින් (12) සවස අත් අඩංගුවට ගෙන තිබේ. මොහු මෙවර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යත් සමගි ජනබලවේගය පක්ෂයට සහයෝගය දෙන්නෙක් බව වාර්තාවේ.

සැකකරු, කසිප්පු ගෝඩා හා උපකරණ තොගයද සමග (12) සවස 6.00 ට පමණ මීටියාගොඩ පොලීසියට බාර දී ඇති අතර (13) බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බටපොතුදූව, මලවැන්න, හික්කඩුව ලිපිනයේ පදිංචි කේ ඒ නිහාල් (35) නැමැති අයයි.

ඇල්පිටිය නොවිසදුන අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසීහ මහතාට ලැබුණ තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරු සමග කසිප්පු ගෝඩා හා උපකරණ තොගය අත් අඩංගුවට ගෙන තිබේ. මලවැන්නේ බටපොතුදූව කැලෑබද ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද මෙම කසිප්පු නිශ්පාදනාගාරය වටලා පෙරන ලද කසිප්පු ස්ප්‍රීතු බෝතල 04 ක්, ගෝඩා බැරල් 01 ක්, තඹ දගරයක්, සමග හිස් බැරල්, ප්ලාස්ටික් කෑන් ඇතුළු උපකරණ තොයක් පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ. මෙම කසිප්පු හා උපකරණ තොගයේ වටිනාකම රුපියල් හතලිස් දහසකට (40,000/-) අධික බව පොලීසිය කියයි.

සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදී මෙම කසිප්පු නිශ්පාදනාගාරය, රත්ගම ප්‍රාදේශීය සභාවට තරග කරන ලද කෝකිල නැමැති අපේක්ෂයාට අයත් බවත් තමන් එහි කුලියට වැඩ කරන බවත් සැකකරු විසින් ප්‍රකාශ කර තිබේ. එක් කසිප්පු වඩියකින් කසිප්පු ස්ප්‍රීතු බෝතල 02 ක් හෝ තුනක් සමග යම් මුදලක් තමන්ට ලැබෙන බවත් කෝකිල නැමැති අය නිල්පාට ටාටා බට්ටා වර්ගයේ කුඩා ලොරි රථයකින් පැමිණ කසිප්පු තොගය රැගෙන යන බවත් ඇල්පිටිය නොවිසදුන අපරාධ කොට්ඨාශයේ ප්‍රශ්ණ කිරීම් හමුවේ සැකකරු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මෙම කසිප්පු නිශ්පාදනාගාරය දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගොස් තිබෙන බවත් ඉතා සූක්ෂමක එහි නිශ්පාදන මීටියාගොඩ, හික්කඩුව, බටපොළ, මලවැන්න, තෙල්වත්ත ආදී ප්‍රදේශවලට අලෙවි කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. සැකකරුගෙන් ලැබුණ තොරතුරු මත සත්‍ය ලෙසම මෙම කසිප්පු නිශ්පාදනාගාරය සදහා දේශපාලනඥයන්ගේ සහය ලැබී තිබේද යන්න සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වන බවද මීටියාගොඩ පොලීසිය කියයි.

– ජයකාන්ත ලියනගේ

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook