Advertisement

කොරෝන හේතුවෙන් වසා දමා ඇති රජයේ පාසල් යලි ආරම්භ කිරීම හෙට දිනයේ සිදු නොකරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඒ පිළිබඳව තව දුරටත් සාකච්චා කර නිශ්චිත දිනයක් මේ සතියේදී ප‍්‍රකාශ කරන බවද ඔහු පැවසීය.
සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම දිනය තීරණය කරන බවත් ඇමතිවරයා පැවසීය.
අදියර කිහිපයක් යටතේ පාසල් විවෘත කිරිමට අවදානය යොමුව ඇති බවත් මුලින්ම පාසල් වල විදුහල්පති හා ගුරුවරුන්ද ඉන් පසුව උසස් පෙළ සිසුන්ද, පසුව සාමාන්‍ය පෙළ සිසුන්ද, අනතුරුව ප්‍රාථමික සිසුන් ලෙස ආරම්භ කිරිමට කටයුතු කරන බවත් ඔහු කීය

ග‍්‍රාමීය පාසැල් මුලින් විවෘත කරන්න සාකච්චා

කොරෝනා ව්‍යාප්තිය නොමැති ප්‍රදේශවල ග්‍රාමීය පාසැල් මුලින් විවෘත කිරීම සඳහා රජයට යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා සමගින් අමාත්‍යංශ ලේකම්වරුන් හා පළාත් ආණ්ඩුකාරවරුන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

පවතින තත්ත්වය මත නගරාශ්‍රිත පාසල් ඉක්මනින් විවෘත කළ නොහැකි යැයි මෙහිදී අවධාරණය වී තිබේ.

ඒ අනුව පාසල් විවෘත කිරීමේ මුල් පියවර ලෙස ග්‍රාමීය පාසල් විවෘත කළ යුතු බව යෝජනා වී ඇත.

මෙම සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ නගරවල පාසල් දරුවන්ටත් අසාධාරණයක් නොවන ලෙස මෙම කටයුත්ත සිදුකළ යුතු බවයි.

එනිසා මුල් වටයේ දී විවෘත කළ හැකි පාසල් ලයිස්තුවක් අධ්‍යාපන කලාප මට්ටමින් සකස් කර ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements