Advertisement

දකුණේ මත්කුඩු ජාලය සමග පාතාල කල්ලි යළි හිස එසවීමට පටන් ගෙන ඇති බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.

එයට නායකත්වය දෙන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. එම ප්‍රාදේශීය දේශපාලනඥයා පාතාල ප්‍රබලයකු වන රත්ගම විදුරගේ ළඟම ඥාතියෙකු බව හඳුනාගෙන ඇති අතර රත්ගම විදුර දැනට පදිංචිව සිටින්නේ ඉතාලියේයි.

මෙම හිස ඔසවන්නට යන පුද්ගලයා ප්‍රාදේශීය දේශපාලනඥයකු ලෙසින් තම බලය පෙන්වමින් කොකේන්, හෙරොයින්, කේරළ ගංජා බෙදාහරිමින් සිටින බවද හෙළි වී තිබෙනවා.
රත්ගම කේන්ද්‍රකරගෙන දකුණේ පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙහෙය වූ රත්ගම ප්‍රාදේශීය සභා හිටපු සභාපතිවරයා තමන් පෝෂණය කළ පාතාල කල්ලි අතින්ම වෙඩි කා මියගියා.

ඔහුගෙන් හිස් වූ දේශපාලන පාතාලය යළිත් වසර හතකට පසුව හිස ඔසවන්නට පෙර කී ප්‍රාදේශීය දේශපාලනඥයා පාතාල කල්ලිවල සගයන් රැස්කරමින් විවිධ අපරාධවල නිරතවන බව හෙළි වී තිබෙනවා..

මොහු විදේශික කාන්තාවන් කණ්ඩායමක් ලංකාවේ තබාගෙන හෝටලයක් කරගෙන යන බවද අනාවරණය වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements