කොරෝනා නිසා රැකියාවට යනකොට ඇදුම් අදින්නත් චක්‍රලේඛනයක් එයි
circular
,
corona
,
derana gossip
,
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip-Lanka
,
gossipmain
,
hiru gossip
,
Latest News
,
neth gossip
,
News
,
News Gossip Lanka News
,
Sri lanka
,
web gossip
ගර්භණී හා දරුවන්ට කිරිදෙන නිලධාරීනියන් සේවයට කැඳවීමේදී ඉතා සහනශීලි පිළිවෙතක්
පහසුකම් රජය විසින් එකී ආයතන වෙත සැපයිය යුතුයි
අඳින පලඳින ඇඳුම් පැලඳුම්වලින්ද කොරෝනා වයිරසය ආසාදනය වීමට ඉඩ ඇති බැවින් සියලුම රාජ්‍ය නිලධාරීන් සිය සේවා ස්ථාන වෙත නැවත පැමිණෙන විට ටයි, සාරි, ඔසරි, මුදු, මාල නොඇඳ, නොපැලඳ සංවර හා සරල ඇඳුමකින් සැරසී පැමිණීම වඩාත් සුදුසු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය ඒ බව පෙන්වා දෙන්නේ කොරෝනා වයිරසය පවතින කාලය තුළ රාජ්‍ය ආයතන විවෘත කර කාර්යාලයීය කටයුතු නැවත ආරම්භ කිරීමේදී රාජ්‍ය නිලධාරීන් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කරමින්.
ගර්භණී හා දරුවන්ට කිරිදෙන නිලධාරීනියන් මෙකී කාල සීමාව තුළ සේවයට කැඳවීමේදී ඉතා සහනශීලි පිළිවෙතක් අනුගමනය කරන ලෙසටද, මැයි මස අවසන් වන තෙක් ඔවුන් සේවයට කැඳවීමෙන් හැකිතාක් දුරට වැළකී සිටින ලෙසටද එම චක්‍රලේඛය මඟින් දැනුම්දී තිබෙනවා.
යම් හේතුවක් මත එකී නිලධාරිනියන් සේවයට කැඳවීමට අවශ්‍ය වන්නේ නම් ඔවුන් පදිංචි ප්‍රදේශවලට ආසන්න සේවා ස්ථාන වෙත අනුයුක්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද, ඒ සඳහා එකී නිලධාරිනියන් අදාළ ආයතන ප්‍රධානින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතු බවද එමඟින් පෙන්වා දෙනවා.
තවද කාර්යාල වෙත පිවිසීමට පෙර සෑම නිලධාරීන් හා නිලධාරිනියන් මෙන්ම මහජනතාවද මුඛ ආවරණ පැලඳ, සබන් හා විසබීජ නාශකවලින් අත් සේදිය යුතු බවද, ඊට අදාළ පහසුකම් රජය විසින් එකී ආයතන වෙත සැපයිය යුතු බවද, එම චක්‍රලේඛය මඟින් වැඩිදුරටත් සඳහන් වනවා

