Featured News

Video Gossip

Advertisement

නව කොරෝනා වෛරසය වැලදී සුවය ලබා පැමිණි පුද්ගලයෙක් යලිත් වරක් කොරෝනා අසාධිතයෙක් බවට තහවුරු වීමේ පුවතක් ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

67 වන වියේ පසුවන මෙම පුද්ගලයා ඉකුත් මාර්තු මස 17 වෙනිදා පළමු වරට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව මුල්ලේරියාව පිහිටි IDH රෝහලට අතුලත් කරනු ලැබුවා. මාසයක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔහු ඉකුත් අප්‍රේල් මස 17 වෙනිදා යලි නිවස වෙත යැවීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

නිවසට පැමිණීමෙන් පසු දින 14ක ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටි මෙම පුද්ගලයා පසුගිය අප්‍රේල් මස 30 වෙනිදා පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් වී තිබෙනවා. එහිදී සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇත්තේ මෙම පුද්ගලයාට යලිත් වරක් කොරෝනා වෛරසය වැලදී ඇති බවයි.

ඒ අනුව එම රෝගියාව යලිත් වරක් IDH රෝහල වෙත මාරුකර යැවීමට කොළඹ ජාතික රෝහලේ බලධාරීන් පියවර ගෙන ඇත.

කොරෝනා ආසාධනයට ලක්වූ මෙම පුද්ගලයා වකුගඩු සහ දියවැඩියා රෝගයෙන් පෙලෙන බවත් ඔහුට ඉතාලියේ සිට පැමිණි පුද්ගලයෙක් ඇසුරු කිරීමෙන් වෛරසයට ගොදුරුව ඇති බවයි ජා-ඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළා.

මේ වන විට එම රෝගියාගේ නිවසේ සිටින පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් ද ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර අබේරත්න සඳහන් කලේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements