Advertisement

හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඇය නැවතී සිටි කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සුඛෝපභෝගී නිවස්නයකට ගිය පොලිස් කණ්ඩායමකට එහි සිටි සමග ජල බලවේග අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා විසින් දැඩි විරෝධතාවයක් එල්ල කර තිබේ.

පොලිසිය විසින් එහි ගොස් ඇත්තේ මෑතකදී සමාජජාලාවල ප්‍රසිද්ධියට පත්වූ එජාප හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ යැයි කියන අසභ්‍ය වීඩියෝව සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද පැමිණිල්ලකට අදාල ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.


අදාල වීඩියෝ පටය සමාජ ජාලා වෙත මුදා හැරියෙ කවුදැයි පොලිසිය පරීක්ෂණ කරමින් සිටි.

මුලින් ප‍්‍රශ්ණ කරන ලද පුද්ගලයන් දෙදෙනාගෙන් ලද තොරතුරු මත හෙලිව ඇත්තේ එය මල්ෂා කුමාරතුංග මහත්මිය විසින් ලබා දුන් බවකි.

ඒ අනුව පොලිසිය කොලඹ ෂැංග‍්‍රිලා හෝටලයට ගොස් ඇත්තේ ඒ ගැන ප‍්‍රශ්න කිරිමටයි.

එම ප්‍රශ්න කරන අවස්ථාවේදී එම නිවස්නයේ සිටි කෝපයට පත්වූ හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා තම දුරකථනයෙන් බස්නාහිර පළාත ඉහළම පොලිස් නිළධාරියෙකු අමතමින් ඒ ගැන විමසීම් කර ඇත.

එහිදී එකී පොලිස් නිලධාරියා දැනුවත් කර ඇත්තේ මෙම පරීක්ෂණ සිදු කෙරෙන්නේ කාවින්ද ජයවර්ධන හිටපු මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත බවයි.

lankacnews

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements