Advertisement

ජාතික සමගි ජන බලවේගයේ සජිත් සහ පාඨලි චම්පික රණවක අතර ගැටුමක් හටගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ කොත්මලේ තිස්පනේ ප්‍රදේශයේ (20) දින පැවති මැතිරවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි වෙමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ


දුරකථනය කියන්නේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි , එක්සත් ජාතික පක්ෂය කියන්නේ අලියට. කොළ පාට , අපේ සංස්කෘතිය .

ඒක අස්සේ දුරකථනයක් නැ. එතන වෙනම විදිහක් යන්නේ.

සජිත් නායකයා කියනවා , පාඨලි නායකයා කියනවා , නායකයෝ ගොඩක් ඉන්නවා සමගි ජනබලවේගයේ.

ඒක කුලියට ගත්ත දේශපාලන පක්ෂයක් , එක්සත් ජාතික පක්ෂයේ ජන්ද කඩන්න හදපු කුලි දේශපාලන පක්ෂයක්.

කිසිම ප්‍රතිපත්තියක් නැති , අනාගතයක් නැති , දෙවනි පෙල නායකත්වයක් නැති පක්ෂයක්.

සජිත් නායකයා විදිහට ඉන්නවා එයාගෙන් පස්සේ කවුද?

එක්සත් ජාතික පක්ෂයේ දෙවනි පෙල නායකයින් ඉන්නවා.

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධය සමගි ජනබලවේගය වගේ පක්ෂය හදන්න පුළුවන් හැබැයි පැවැත්මක් නැ.

අලියටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට කරපු දේද කරන්න යන්නේ ?

සමගි ජන බලවේගයේ පක්ෂය ඇතුලත් ගැටුම් හට ගෙන තියෙන්නේ සජිත් සහ පාඨලි අතර.

පාඨලි සල්ලි වියදම් කරලා තේරි පත් වෙන මන්ත්‍රිවරුන් ගන්නවා එයාගේ පැත්තට. සජිත්ගෙන් කට්ටය හෙමින් හෙමින් අයින් වෙනවා පාඨලිගේ පැත්තට.

මිලග ජනාධිපති අපෙක්ෂකා විමේ අපෙක්ෂාව තියෙන්නේ පාඨලිට.

එක්සත් ජාතික පක්ෂය ඇතුලත එවැනි ගැටුම් නැ නමුත් පක්ෂය ප්‍රතිසංස්කරණය විමට අවශ්‍යයි.

අලුත් නායකත්වයක් අවශ්‍යයි , අපි ඒක බලාපොරොත්තු වෙනවා යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements