
බක් මහ අවුරුද්දේ ලග්න පලාපල
මේෂ
ගොවිතැනට යහපත්
නව ව්‍යාපාර ආරම්භ කිරීමට වසරේ මුල් මාස 04 තුළ සුබදායක වනු ඇත. මෙම වසර ඔබගේ නෑදෑ හිතවතුන් ඔබට වඩාත් සමීප වන වසරකි. හිතමිතුරන් ඔබ හා එක්වන වසරකි. වන්දනා ගමන් මෙන්ම විදේශ සංචාරද වසරේ මුල් මාස 09 තුළ හිමි වනු ඇත. වසරේ මුල් මාස තුන තුළ පවුල් ජීවිතය ආශ්‍රිතව යම් යම් ගැටලු මතු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. ව්‍යාපාරවලට හා ඒවායේ නිරත අයට සාර්ථක ප්‍රතිඵල උදා වනු ඇත. මුදල් ණයට දීමේදී ප්‍රවේශම් විය යුතු අතර, ඔබ ඉල්ලා ඇති ණය මුදලක් වසර මැදදීම ලැබෙනු ඇත.









